Jul 13, 2011

ප්‍රතිපත්තිය




සෑම කෙනෙකුටම ප්‍රතිපත්ති කියල දෙයක් තියනවා.. මටත් කාලයක් තිබුනා
ඒත් ඒවා මම ආදරය කරන්න පටන් ගත්තර පස්සේ  නිකන්ම කඩන්න උනා
පලවෙනි එක තමයි සල්ලි තියන කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටපු එක
ඒ ප්‍රතිපත්තිය කැඩුනේ මම දන්නෙම නැතිව
මේ මගේ දෙවෙනි ආදරය මුලින්ම මම ආදරය කලේ මුස්ලිම් කෙල්ලෙකුට
එයාගේ සල්ලි කාර කමයි ආගම් භේදයයි නිසා ටික කාලයක් යද්දි අපේ ආදරයට අයුබොවන් කියන්න වුනා ..ඒ ආදරයේ නිමාවත් එක්ක මම හිතාගත්තා කවදාවත් සල්ලි තියන කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ නෑ කියලා ... ඒත් මගේ දැන් ආදරය පටන් ගත්තේ 
නොදැනුවත්වම ඒ ප්‍රතිපත්තිය කඩලයි 
අපි මුලින්ම හොද යාලුවන් දැනට අවුරුදු 2 විතර කලින් මම එයාව ආශ්‍රය කලත් කවදාවත් එයගේ පවුලේ තොරතුරු ඇහුවේ නෑ .. එයා කවදාවත් එයාගේ සල්ලිකර කමවත් ආඩම්බර කමවත් මට පෙන්නුවේ නෑ අපි යාලුවෝ වගේ හිටියේ මාස 2 ක් විතරයි ඊට පස්සේ අපේ යාලුකම ආදරයකට පෙරලුනා පස්සේ කලෙකදි එයගේ විස්තර දැන ගත්තත්
එයගේ ඒ අවංක ආදරයත් එක්ක .මට එයාට පිටුපාන්න බැරි උනා
කොහොම හරි මම දැන් මගේ ප්‍රතිපත්තිය කඩලා මම එයාට මුලු හදවතින්ම ආදරය කරනවා
ඒත් අපේ ආදරයට එයලගෙ ගෙදරින් අවසර දුන්නත් අපේ ආදරය කසාදයකින් සම්පුර්න වෙන්න නම් මම දැනට කරන ජොබ් එකට වඩා හොද ජොබ් එකකුයි මගේ බාගෙට හදලා තිය ගේ සම්පුර්න කරගන්නයි කොන්දේසි දාලා තියන්නේ ...කොහොම කොහොම හරි ප්‍රතිපත්ති කැඩුව නිසා සල්ලි අද අපේ ආදරයට හරස් වෙලා තියන්නේ ..
තවත් ප්‍රතිපත්ති කැඩුව එව තියනවා ..එවා ඊලග එකේදි කියන්නම්

10 comments:

  1. ඊලගපාර කියනවා කියපු ප්‍රතිපත්තියත් උබ කඩයිද දන්නෑ :P

    ReplyDelete
  2. "නඩුත් හාමුදුරුවන් ගේ,බඩුත් හාමුදුරුවන් ගේ "වගේ අපිත් එහෙම කරන වෙලාවල් තියනවා නේ..අපිම ප්‍රතිපත්ති හදනවා..අපිම කඩනවා..කොන්දෙසි නරක නෑ නේ යාලුවා..ඔයාටත් යහපතක් වෙනවා නේ.. :)

    ReplyDelete
  3. අපෝ මම නම් සල්ලි තියෙන කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ. මම හොදවයින් ඇනගෙන ඉන්නේ ඔය කෙල්ලෝ නිසා.

    ReplyDelete
  4. @කිඩෝ
    ඔව් මචං එකත් කඩපු එකක් තමයි

    ReplyDelete
  5. කියන් කෝ බලන්න , අනික් ප්‍රතිපත්ති ටිකත්.
    …ඒවත් ආදරේ නිසා කඩපුවද..?

    ReplyDelete
  6. @මධුරංග
    මමත් කලින් ඇනගත්ත හින්දා තමයි හිතාගත්තේ ආපහු ඒ වැරැද්ද කරන්නේ නෑ කියල .. මේක උනේ මම දන්නේම නැතිව

    ReplyDelete
  7. @බීටා
    එව්වා නම් ආදරේ නිසා නෙමයි .. මට වෙන ගන්න තීරනයක් නැති කමට කඩන්න උනේ

    ReplyDelete
  8. ප්‍රතිපත්ති තියෙන්නෙ කඩන්න මිස වෙන මොකටද?

    ReplyDelete
  9. @Observer
    අදහස් දැක්වුවට ස්තුතියි

    ReplyDelete