Jul 16, 2011

අනියම් පෙම




මේ කියන්න යන්නේ මගේ යාලුවෙකුට උන දෙයක් ගැන
මමත් මේකට පැත්තකින් සම්බන්ද උනා..
ඒ වගේම මගේ කෙල්ල ගෙනුත් හොදට එදා බැනුම් ඇහුවා
ඔන්න ඒහෙනම් මේකයි විස්තරේ
මම මගේ යාලුවාව රුවන් කියලා කියන්නම්
ඉතින් රුවනුයි මමයි එකම කොම්පැනි එකක වැඩ කරන්නේ
එක දවසක් වැඩ කරන ගමන් කිව්වා 
මචං පොඩි අවුලක් බන් මගේ 
වයිෆ්ට තව සම්බන්දයක් තියනවා මට මේකිගෙන් ඩිවොස් වෙන්න ඔන කියලා
හරි වැරැද්ද දන්නේනැති හින්දා මම කිව්වා 
උබ ඔහොම හදිස්සි තිරන ගන්න එපා
අපි ටිකක් හොයලා බලමු කියලා
මමත් ෆුල් ශපොර්ට් එක දෙන්නම් කියලා පොරොන්දු වුනා
ඉතින් දවස් දෙක තුනකට පස්සේ අපි
යාලුවගේ වයිෆ් ගේ ෆොන් කනෙක්ෂන්
එකේ ඩීටේල් බිල් එකක් අරගත්තා
ඒකදි මම දැක්ක දෙයක් තමයි මගේ යාලුවට වැඩිය
අර සම්බන්දයක් තියනවා කියපු මනුස්සයා 
මගේ යාලුවගේ වයිෆ් එක්ක කතා කරලා තියනවා
හැබැයි ඒ එකක්වත් ගොඩ වෙලාවක් නෙමයි
විනාඩියයි හෝ දෙකයි
කොහොම හරි යාලුවානම් තිරනය කලා අනිවාර්යෙන් සම්බන්දයක් තියනවා
අදම ගෙදර ගිහිල්ලා මේක දෙකන් එකක් බේර ගන්නවා කියලා
එත් මම ආපහු කිව්වා තව පොඩ්ඩක් හිටහන් අපි බලමුකො කියලා
පස්සේ මම එදා රෑ මගේ කෙල්ල එක්ක මේ විස්තරේ කිව්වා
එයා මගේ යාලුවාවත් අදුරනවා එයා ගත් කටටම කිව්වේ
රුවන් වගේ එක්කෙනෙකුව මෙහෙම කරයි කියලා හිතන්න බෑ ...
සමහර විට අර මනුස්සයා සම්බන්දකමක් පටන් ගන්න පස්සෙන් එනවද දන්නේ නෑ කියලා
එදා රෑ මම නිදා ගන්න කලින් ඒ කියපු එක ගැන ගොඩක් කල්පනා කරා
අපි එකපාරට ගෑනු ලමයෙක් ගැන වැරදියට හිතන්න නරකයි
මේක ගැන  හිමීට හොයාගන්න ඔනා කියලා
පහුවෙනිදම මගේ යාලුවා එක්ක මම ඒ විස්තරේ කිව්වා
එතකොට තම්යි එයාටත් ඒක කල්පනා වුනේ
පස්සේ අර ඩීටේල් බිල් එකෙ තිබුන නොම්බරෙට අපි කොල් එකක් ගත්තා
අරගෙන විස්තරෙ අපි ඇහුවා 
ඌ නම් කිව්වේ දැනටමත් ඒ දෙන්නගේ සම්බන්දෙ ගොඩක් දුරදිග ගිහිල්ලා කියලා
ඔය වත්තල පැත්තක හොටෙල් එකක නමකුත් කිව්වා
ඒ දෙන්නා නිතරම ගියා කියලා
එදා තමයි ඔය විස්තරේ අපි යලුවාගේ වයිෆ් ගෙන් ඇහුවේ
ඒ දෙන්නා කතා කරන වෙලාවේ මම යන්න හැදුවේ එත් රුවන් කිව්වා
උබ යන්න එපා හිටපන් කියලා
ඉතින් මටත් ඉන්න උනා
කොහොම හරි යාලුවගේ වයිෆ් ඔක්කොම විස්තර කිව්වා
බලන කොට අපි එයා ගැන සැකකරපු එක වැරදි
අර මිනිහා තමයි මෙයා කසාද බැදලා කියලා දැන දැන පස්සෙන් ඇවිල්ලා තියන්නේ
වෙන කොහෙවත් ඉන්න එක්කෙනෙක් නෙමයි
යාලුවගේ වයිෆ් වැඩ කරන ඔෆිස් එකෙන
අවුරුදු 35 විතර පොරක්
එයාගේ විස්තර ඇහුවම දැන ගත්තේ එයාගේ
කසාද ගෑනිත් ඒ මිනිහව දාල ගිහිල්ලා කියලා
ඊට පස්සේ තමයි මෙයාගේ පස්සෙන් එන්න පටන් අරන් තියන්නේ
එතකොට රුවන් ඇහුවා ෆොන් බිල් එක ගැන
එතකොට තමයි ඒකෙ විස්තරේ ගැනත් කිව්වේ
මේ මිනිහා නිතරම කොල් කර කර කියනවාලු
මගේ යාලුවාගේන් ඩිවොස් වෙලා එයා ගාවට එන්නලු
එහෙම ආවේ නැත්නම් මේ දෙන්නටත් පවුල් කන්න දෙන්නේ නෑ කියලා
ඊට පස්සේ තමයි අපි දෙන්නටම වැඩේ තේරුනේ
කොහොම හරි දවස් දෙකකට පස්සේ අපි ආපහු අර නොම්බරේට කොල් කරලා
ඌව හම්බුවෙන්න කතා කලා
අපි කිව්වට මගේ යාලුවට විතරක් තනියෙන් එන්න කිව්වා කතා කරන්න
ඔන්න ඉතින් අර හම්බු වෙන්න කිව්ව දවස අවා
යන්න කලින් අපිට අර මිනිහගේ ෆොටො එකකුත් පෙන්නුවා
යාලුවගේ වයිෆ් ගේ ඔෆිස් එකේ ගෘප් ෆොටො එකක ඉන්නවා
එදා මම වෙනම ගිහිල්ලා වෙන තැනක ඉදලා බලාගෙන ඉන්නවා යලුවා අර කියපු
තැන විනඩි 15 විතර බලාගෙන හිටියට පස්සේ එකෙක් ආවා
හ්ම්ම් ඔව් .. ඒ තමයි මිනිහා
මිනිහත් කොහෙට හරි වෙලා බලාගෙන ඉන්න ඇති
මෙයා තනියෙන්ද ආවේ කියලා බලන්න
මේ දෙන්නා හරියටම විනඩි 5 කතා කරන්න ඇති
මගේ යාලුවා එකපාරට පැනපු ගමන් අර යකාගේ
මුනට ගැහුවා
තවත් බලගෙන ඉදලා වැඩක් නෑනේ
මමත්  දුවලා ගියා එතනට ගිහිල්ලා යාලුවව පැත්තට ඇදලා දාලා
මම පෙරල ගෙන මිනිහට නෙලන්න පටන් ගත්තා
කොහොම හරි එදා  මිනිහගේ දත් නිසා මගේ දකුනු
අතේ ඇගිලි උඩට වෙන්න තියන ඇගිලි වල ඇට පේලියම
හම ගිහිල්ලා.. කොහොම හරි මම එදා මිනිහව අත ඇරියේ
ට්‍රෑෆික් පොලිසියේ දෙන්නෙක් ඇවිල්ලා මගේ කොලර් එකෙන් ඇද්දහමයි
හොදම එවායෙන් කුනුහරුප ටිකක් කියලා අපි දෙන්නට බැන්නා හැබයි පුතා කියලට් කිව්වා ලැජ්ජ නැද්ද ...... පුතෝ දෙන්නෙක් වට වෙලා එක මිනිහෙක්ට
පරෙ දාගෙන ගහන්නේ
උබලගේ තාත්තා මහ ඒජන්තද කියලත් ඇහුවා
පස්සේ අපි දෙන්නටම ආදරයෙන් අවවාද දිලා
පරිස්සමට ගෙදර යන්න කිව්වා
ඔන්න ඉතින් කොහොම හරි එදා දවසේ
හිරේ යන්නේ නැතිව ගෙදර ආවා
පස්සේ එදා රෑ මම මගේ කෙල්ලට විස්තරේ කිව්වා
දැන් තමයි ලොකුම නඩුව
පොලිසියෙන් බෙරෙන්නත් පුලුවන් මෙයාගේ
ප්‍රශ්න වලින් තමයි බේරෙන්න අමාරු
ඉතින් මම කිව්වේ නෑ මගේ යාලුවා රන්ඩුව පරන් ගත්තා කියලා
මම කිව්වේ රුවන්ට මුලින්ම ගැහුවා පස්සේ මම එතනට ගිහිල්ලා
රුවන්ව බේර ගන්න ගැහුවා කියලා
එයත් ඒ වෙලාවේ හරි ආදරෙන් මට කතා කලා
(තමුසේ එනවකො හෙට මම අල්ල ගන්නම් ) කියලා
ෆොන් එකත් ඔෆ් කරලා එයා නිදා ගත්තා
පහුවෙනිදා නැගිටින කොට අර දත් පාරවල් වැදිච්ච අත ඒ තුවාල පැසවලා වගෙ
රතුත් වෙලා කහත් වෙලා
රෑ කියපු බොරුව කොහොමත් අද අහුවෙනවා
කියලා උදෙන්ම මම හිත හදාගෙන
මගේ කෙල්ලව බලන්න යන්න පිටත් වුනා
විතරයි කොල් එක ආවා
ඔව් ඔව් කෙල්ගෙන් තමයි
ගුඩ් මොර්නින්ග් කියලා
8.00 වෙද්දි කොටුවේ ස්ටෙෂන් එක ලගට එන්න
මම දැන් ගෙදරින් පිටත් වෙනව කියලා
රෑ තදවෙලා ෆොන් එක තියපු එක්කෙනා උදේන්ම
ගුඩ් මොර්නින්ග් කියලා ආදරෙන් කතා කරනවා
මම හිතුවා දැන් ඔක්කොම ෂේප් ඇති අවුලක් නෑ කියලා
හිතාගෙන එයා කියපු වෙලාවටම කියපු තැනට ආවා
ඔන්න ඉතින් කියපු වෙලවට පැය බාගෙකට පස්සේ එයා ආවා
ආපු ගමන් මම ඇහුවා කොහෙද යන්නේ අද කියලා
එම්.සී එකට යමු කිව්වා
ඔන්න ඉතින් බස් එකකට නැගලා බස් එකෙ මැද්දට වෙන්න තිබුනු
ෂීට් එකකින් වාඩි වුනා
මටත් ඉතින් එයා ලග ඉන්න කොට නිකන් ඉන්න බෑනේ
උදේ පාන්දර අත අල්ලන්න ගිහිල්ලා මගේ අත දැක්කා
ඒ වෙලාවෙනම් මගේ දිහා රවලා බැලුවා
ඇත්තටම ඒ වෙලවේනම් පොඩි බයකුත් ඇතිවුනා
බස් එක අතුලේ බනිද කියලා
කොහොම හරි අත දිහා බලලා මගේ අත පැත්තකට ගසලා දාල එයා වෙන පැත්තක් බලාගෙන ඉන්නවා
ඔන්න ඉතින් බම්බලපිටියෙන් බැහැලා එම්.සී එක ඇතුලටත් ගියා
කොහොම හරි ෆිල්ම් එක බලන්නත් කැමති කරව ගත්තා
ඉතින් ෆිල්ම් එක පටන් ගන්නත් පැයක් විතර තියන නිසා
අපි කෑම කන තැනට වෙලා ටිකක් හිටියා
මගේ මුන බලනවා අහක බලනවා
මමත් වැඩිය ප්‍රශ්න අහන්න ගියේ නෑ
තව තද වුනොත් ෆිල්ම් එක බලන්න එන්නේ නැති නිසා
කොහොම හරි වෙලාව කිට්ටු වුන නිසා අපි ෆිල්ම් හෝල් එක  ඇතුලට ගියා
ඔන්න ඊට පස්සේ තමයි එයාගේ කතාව පටන් ගත්තේ
ඇයි --- (මගේ නම කියලා ) නිකන් කරදර ඇගේ දාගන්නේ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් පොලිසි තියන්නේ ඔවට තමයි
ඔයා ඒ වෙලාවේ පැත්තකට වෙලා බලාගෙන හිටියා වගේ
ඒ මිනිහගෙ කවුරු හරිත් හැන්ගිලා බලගෙන හිටියනම් එහෙම
ඔයාට මොනව හරි උනානම් මට කවුද ඉන්නේ
ඔහොම කියලා දැන් මෙයා අඩන්න පටන් ගත්තා
එතකොටයි මටත් තෙරුනේ අපි කරපු වැඩේ අවදානම
එදා එයාට පේන්න ඇඩුවේ නැති වුනාට එයා ඇඩුවට වඩා සිය වාරයක් මම හිතින් ඇඩුවා..
එදා රෑ එයාට තද වෙලා තියන්නේ එයාට කියන්නේ නැතිව ගියාට
අපි අපේ ගැන එච්චර හිතුවේ නැති වුනාට
අපේ කෙල්ලෝ අපි ගැන හරියට වද වෙනවා

4 comments:

  1. කතාවේ අන්තිමනම් ඇත්ත තමයි, එත් ඉතින් අරවගේ ජොන්ටෙක්ට ගහන්නේ නැතුව ලවු කරන්නද?? මොනවා උනත් උබලට කරන්න තිබුනේ අහිංසක කෙල්ලෙක් හොටෙල් කාමරයකට අරන් ගියා කියල කෙල්ලගේ මිනිහට බොරු කියපු කට තලලා, උගේ අහවල් කුට්ටම අයෙ වැඩක් ගන්න බැරි තත්වෙට පත කරන්න.

    ReplyDelete
  2. @ADK කොලුවා
    කට නම් කොහොමත් තැලුවා මචන්
    අහවල් කුට්ටමට නම් වැඩක් දුන්නෙ නෑ
    එවෙලාවෙ එහෙම කරානම්
    අපිටත් මහ ගෙදර තමයි ඉන්න වෙන්නෙ

    ReplyDelete
  3. තමන්ගේ වයිෆ් තමන්ට විතරක් අයිති කියලා හිතන එක පිරිමින්ගේ කරුමයක්. එයාටත් ජීවතියක් තියෙනවා. ඒක විදින් දෙන්න.
    https://lankawifewela.blogspot.com/ මේ කතාව බලන්න. මේ වගේ ආත්මාර්ථකාමී සිතුවිලි අයින් කරගන්න

    ReplyDelete
  4. 0779678960 mage exgirlfriend.. ඕනඑකෙක්ට ගහන්න පුළුවන් ටෝක් කරලා

    ReplyDelete